1. ඔයාගෙ කැමැත්තක්
බෝයිෆ්‍රෙන්ඩ් කියන දේට එකඟ වෙන්නෙ නැත්තං අනිවා කෙල්ලො කියන දෙයක් තමයි ඔයාගෙ කැමැත්තක් කියන එක. ඒක කිවුවම කොල්ලො තේරුම් ගන්න ඕන වැඩේ පත්තු වෙලා තමයි කියලා. කෙල්ලො ඒ බොරුව කියන්නෙ තමංගෙ පෙම්වතාගෙ හිත රිද්දන්න තියෙන අකමැත්තකටත් වඩා ඒක ඩිරෙක්ට් කිවුවොත් ඒ ප්‍රශ්නෙට විසඳුමත් තමුන්ට දෙන්න වෙන නිසායි. ඒ නිසා ඔයාගෙ කැමැත්තක් කියන හැම වෙලාවකම දෙන්නාටම හරියන උත්තරයක් හොයන්න සූදානම් වෙලා ඉන්න ඕන.
2. හ්ම්ම්ම්
ගර්ල්ෆ්‍රෙන්ඩ් හා කියන්න බැරි අවස්ථාවන්වල එකඟ වෙන්නෙ මේක කියලා තමයි. එතකොට පෙම්වතුන් දැනගන්න ඕන මෙතන මොකක් හරි කුකුසක් තියෙනවා කියලා. ඒ වගේම එයා හා නොකියන්න හේතුව සොයාගැනීමත් ඔබට බාරයි. ඒ වගේම ඔබ අහන දේකට ඔවු නොකියා හ්ම්ම් කියනවනං එතන තියෙන රහස සොයාගන්නත් ඔබට සිදුවෙනවා. කොහොමවුනත් ගැහැනුන් බොහෝවිට හ්ම්ම් කියා වසන් කළ යමක සත්‍යය ඉතා ඉක්මනින් පැවසීමට පෙළැඹීම දැකිය හැක්කක්.
3. ඔළුව රිදෙනවා අනේ
ඕක කියන්නෙ ගොඩක් වෙලාවට මොකක් හරි දෙයක් මගහරින්න හරි ඒ දේ කරන්න තියෙන අකමැත්ත මූණටම කියන්න බැරි නිසයි. ඔක ඇත්තද නැත්තද දැනගන්න “බෙහෙත් ටිකක ගමුද?” වගේ දෙයක් ඇහුවනං හොයාගන්න පුළුවන්. ඒ නැතත් ඒ වගේ මොහොතක ඇත්ත තේරුං අරං වද නොදී ඉන්න පුළුවන්නං ඒක පිරිමියෙකුට වටින ගති ලක්ෂනයක් කියන එකත් මතක් කරන්න ඕන.
4. යාළුවො එක්ක ෂොපිං
මේක ඇත්තටම නිරන්තරව සිද්ධ වෙන දෙයක් නිසා පිරිමි මේක බොරුවක් කියලා හිතන්නෙ නැහැ. ඒත් ඇත්තටම මේ වෙලාවෙ එයා වෙනං වැඩක වෙන්න පුළුවන්. යාළුවො එක්ක ෂොපිං කරනව කියද්ද බෝයිෆ්‍රෙන්ඩ් කරදර නොකරන නිසා කෝකටත් තෛලෙ විදියට කියන බොරුවක් තමයි ඒක.
5. ඔය නැති වුනොත් මං මැරෙයි
මේක කොච්චර සංවේදී වෙලාවක කිවුවත් මේකනං බොරුවක් වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි. මොකද දැනට අපි හැමෝම දැණුවත්ව බූට් වැදිලා තියෙන ලවුවල කෙල්ල මේ කතාව අනිවා කියලා ඇති. ඒත් දැන් යස අගේට ඉන්නවත් ඇති.
6. නෑ කිසි ප්‍රශ්නයක් නෑ
මේ කියන්නෙ ලෝක විනාසෙ අත ලඟයි කියලා. ඔයා මොකක්හරි වැරැද්දක් කරලා තියෙනවා. ඒක එයාගෙන් දෙතුන් වතාවක් අහලා හරි ගැස්සුවොත් මිසක් පස්සෙ කාලෙක නරකක් නපුරක් වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි. ඕවා එළියට එන්නෙත් නොහිතූ මොහොතක නොහිතූ විදියට.
source >>> www.aniwa.lk