තරු පංතියේ හෝටලේකට යන්න බයද? මේ කාරණා 10 දැනගෙන යන්න

තරු හෝටලයක් කිව්වහම හිතට එන හැඟීමක් තියෙනවනේ. ඒ කියන්නේ තරු හෝටලයක් කිව්ව ගමන් එක පාරටම හිතෙනවා ඕවා අපිට සෙට් වෙන තැන් නෙවෙයි බ්‍රෝ වගේ හැඟීමක්. එහෙම කිව්වට ඇත්තටම ඒක නිකං ආසයි බයයි වගේ එකක්. අපේ අනිවා කියවන යාලුවෙකුත් ලඟදි ලියලා එව්වා ගොඩක් වෙලාවට බයයි තරු හෝටලේකට යන්න, මොනවහරි වරදියි කියල. වැරදුනොත් චාටර් වෙයි කියල බයයි. හැබැයි මතක තියාගන්න ඕන කතාව මේකයි. තරු හෝටලේකට වුනත් යන්නෙ එන්නේ, තරු හෝටලේක වැඩ කරන්නේ අපි වගේම මිනිස්සු. මේ කියන්න යන කරුණු කාරණා ටික ඔලුවේ තියාගත්තොත් තරු හෝටලේකට යන්න බය වෙන්න ඕනෙත් නෑ, තරු හෝටලේකට ගිහින් නිදහසේ එන්ජෝයි කරලා එන්න හිතේ අවුලක් තියාගන්න ඕන වෙන්නෙත් නෑ.

ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කියන ලොකුම බොරු

කෙල්ලො තමංගෙ පෙම්වතාට ගොඩක් වෙලාවට බොරු කියනවා. ඒක ලෝයල් කමේ අවුලක් නෙමෙයි. ඒකට එක එක හේතු තියෙන්න පුළුවන්. ඒ හේතු පිරිමි තේරුං ගන්න ඕන. නැත්තං ඉතිං ලවු නොකර ඉන්න එක තමයි හොඳම. ඊටත් වඩා අනවශ්‍ය විදියට තමංගෙ පෙම්වතියව සැක නොකරන්නත් කෙල්ලො කියන මේ බොරු ටික දැනගෙන ඉන්න එක හොඳයි

ඔබේ පෙම්වතා ඔබ රවටනවාද? මෙන්න එයට අනතුරු අඟවන සලකුණු 6ක්

ඇත්තටම ඉතින් කෙල්ලොන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොල්ලො ඒගොලොන්ව රවට්ටන එක. අද කාලෙ ඔය ප්‍රශ්නෙ කොල්ලන්ට තම කෙල්ලන් ගැනත් අනිවා ඇති වෙන්න පුළුවන්. රවට්ටනවාටත් වඩා දැන් රවට්ටයි දැන් රවට්ටයි කියල හිතාගෙන ඉන්න එකත් හිතට තියෙන ලොකු වදයක්. සමහර අයගෙ හිතේ තියෙන මේ සැකේ හින්දත් සම්බන්ධකං ඉවරවෙන්න ලොකු හේතු සිද්ධවෙනවා. උන් සැක කළාට අපි මැරෙන්නයැයි කියල කොල්ලො කෙල්ලෝ කිවුවට සමහර අය ඉතින් ඇත්තටම තමුන්ගෙ පෙම්වතාට හොරෙන් අල්ලපනල්ලෙ යනව දකින්න පුළුවන් වෙන්නෙ ඒ අයගෙ යාළුවොන්ටම තමයි.