උතුර වෙනුවෙන් කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ

එල්.ටී.ටී.ඊය පරාජය කිරීමෙන් පසු උතුරු පළාතේ ඡන්දය පවත්වා එහි වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පවා එකල ජාත්‍යන්තර ප්‍රජාව ඇගයීමට ලක් නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා හා උතුරේ හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි විසින් ලියන ලද "වියවුල හා ස්ථාවරත්වය"  කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.